Tech Heroes සම්මාන 2026 (මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින් සඳහා සම්මාන වැඩසටහන) ලංකාව තාක්ෂණික නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් කරලීමේ අරමුණින් "ටෙක් හීරෝස්" (Tech Heroes) වැඩසටහන යළි ඇරඹෙයි. ශ්‍රී ලංකාව තාක්ෂණික නිෂ්පාදන ඉලක්ක කරගත් නැවුම් සමාගම් පිරි ජාතියක් (Start up Nation) ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමේ අරමුණින්, රාජධානි නෙට්වර්ක් ලිමිටඩ් (Rajadhani Network Limited) විසින් 2040 දැක්මේ දිගුවක් ලෙස පෙර යෝජනා කර තිබූ "ටෙක් හීරෝස්" (Tech Heroes) වැඩසටහන මෙම වසරේදී ආරම්භ කිරීමට තීරණය කර ඇත. නව නිපැයුම්කරුවන් සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් දිරිමත් කිරීම වෙනුවෙන් වෙන්වූ මෙම වැඩසටහන හරහා, දේශීය තාක්ෂණික ක්ෂේත්‍රයේ නව පිම්මක් සනිටුහන් කිරීමට බලාපොරොත්තු වේ.
🎉 New Festival: Tree Planting Program
කාන්තා දිනයට සමගාමීව 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් බැංකු ඉඩම් පරිශ්‍රයේදී PRUTHUVI FESTIVAL අඛණ්ඩ පැළ/ගස් රෝපණ වැඩසටහන බැංකු කළමණාකාරතුමියගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව පවත් වන ලදී.
View Festival
🎉 New Festival: ශූන්‍ය අපද්‍රව්‍ය වැඩසටහන
KIDMA පෙර පාසල් භූමිය පරිශ්‍රයේදී දරුවන් 15 දෙනෙකුගෙ සහභාගීත්වයෙන් ශූන්‍ය අපද්‍රව්‍ය වැඩසටහන යටතේ Single-use plastic භාවිතය අවම කිරීම ක්‍රියාකාරම සිදුකරන ලදී.
View Festival