ජීවිතය "Stress" ද? සතුටින් ඉන්න ඔබ වෙනුවෙන්ම වෙන් කරගත යුතු කාලය

Comments · 35 Views

ස්වයං රැකවරණය self care කියන්නේ නිකම්ම කාලය කෑමක් නෙවෙයි, ඒක ඔබේ ජීවිතය වෙනුවෙන් කරන ආයෝජනයක්.එයට ගැහැණු පිරිමි හෝ උස් පහත් කියා දෙයක් නොමැත.සැමට පොදු කරුණකි. ඔබ අද ඔබ වෙනුවෙන් මොකක්ද කළේ? පහළින් Comment එකක් දාන්න!

අපි හැමෝම ඉන්නේ පුදුම හදිසියක. රැකියාව, අධ්‍යාපනය, ගෙදර දොරේ වැඩ මේ හැමදේම අස්සේ අපිට අපේ සතුට සහ සෞඛ්‍යය අමතක වෙලාම යනවා. හැබැයි මතක තබාගන්න, ඔබට අන් අයට උදව් කරන්න පුළුවන් වෙන්නෙත් ඔබ මානසිකව සහ ශාරීරිකව ශක්තිමත් වුණොත් විතරයි

1. "Me Time" එකක් වෙන් කරගන්න ☕

දවසට විනාඩි 15ක් හෝ 20ක් තනියම ඉන්න කාලය වෙන් කරගන්න. ඒ වෙලාවට ෆෝන් එක පැත්තකින් තියලා, කැමතිම තේ එකක් නැත්නම් ඖෂධීය පානයක් බොන ගමන් පාරේ යන වාහන දිහා හරි, වත්තේ ගස්වැල් දිහා හරි බලාගෙන ඉන්න. මේ "නිශ්ශබ්දතාවය" ඔබේ මනසට පුදුම සහනයක් ගෙන දේවි.

  • තනිව ඇවිදින්න
  • ප්‍රියතම පානයක් රස විඳින්න
  • නිහඬව සිටින්න
  • විනෝදාංශයක නිරත වන්න
  • සන්සුන් සංගීතයට සවන් දෙන්න

2. ගැඹුරින් හුස්ම ගන්න (Deep Breathing) ?️

වැඩිය ඕනෙ නැහැ, එක දිගට විනාඩි 2ක් ඇස් පියාගෙන ගැඹුරින් හුස්ම ගන්න. හුස්ම ඇතුළට ගන්නකොට ඒ ගැන විතරක් හිතන්න. මේක ඕනෑම වෙලාවක, ඔෆිස් එකේ ඉන්නකොට වුණත් කරන්න පුළුවන් ලේසිම ස්වයං රැකවරණ ක්‍රමයක්.

3. "නැහැ" කියන්න ඉගෙන ගන්න (Learn to say No) ?

අපිට හැමෝම සතුටු කරන්න බැහැ. ඔබට වෙහෙස නම්, තවත් වැඩක් භාරගන්න බැරි නම්, ඉතා කාරුණිකව එය ප්‍රතික්ෂේප කරන්න. එයින් ඔබේ මානසික පීඩනය ගොඩක් අඩු වෙනවා.

4. ස්වයං ප්‍රශංසාව (Self-Appreciation) ✨

අනුන්ගෙන් ප්‍රශංසා බලාපොරොත්තු වෙන්න එපා. අද දවසේ ඔබ කරපු පොඩි හරි හොඳ වැඩක් ගැන හිතලා ඔබටම ස්තූති කරගන්න. "අද මම මගේ වැඩ ටික පිළිවෙළට කරගත්තා, ඒ ගැන මට ආඩම්බරයි" වගේ සිතුවිලි ඔබේ ආත්මවිශ්වාසය වැඩි කරනවා.

  • ජයග්‍රහණ ලැයිස්තුව: සෑම සතියකම ඔබ කළ කුඩා හෝ විශාල ජයග්‍රහණ 3ක් ලියා තබන්න.

  • කණ්ණාඩිය දෙස බලා කතා කරන්න: "අද මම ගොඩක් හොඳින් වැඩ කළා" හෝ "මම මගේ පෙනුමට ආදරෙයි" ,මම ශක්තිමත් වැනි දේ ඔබටම කියාගන්න.

  • ඔබටම තෑගි දෙන්න: විශාල වැඩක් අවසන් කළ පසු කුඩා මල් පොකුරක් හෝ රසවත් කෑමක් වැනි දෙයකින් ඔබටම තෑගි දෙන්න.

  • ධනාත්මක සටහන්: ඔබේ මේසය මත හෝ කණ්ණාඩිය මත "මම දක්ෂයි", "මට පුළුවන්" වැනි සටහන් අලවා තබන්න.

  • අතීතය ගැන ආඩම්බර වන්න: ඔබ අතීතයේ මුහුණ දුන් අසීරුතා සහ ඒවායින් ඔබ ශක්තිමත්ව නැගී සිටි ආකාරය ගැන සිතා සතුටු වන්න.

5. ලස්සනට ඉන්න (Dress up for yourself) ?

විශේෂ ගමනක් යන්න නැතත්, පිළිවෙළට ඇඳලා, පීරලා ඉන්න එක ඔබේ මනෝභාවය (Mood) උසස් කරනවා. ඔබ කණ්ණාඩියෙන් බලනකොට ඔබටම ප්‍රියමනාප බවක් දැනෙනවා නම්, එතැනම දවසෙන් අඩක් ජයගෙන ඉවරයි.

  • ප්‍රියතම ඇඳුම අඳින්න: විශේෂ ගමනක් නැතත්, ඔබ වඩාත්ම ලස්සනයි කියා සිතන ඇඳුම ඇඳ දවස ගත කරන්න.

  • සම රැකවරණය (Skincare): දිනපතා ඔබේ සම පිරිසිදු කර තෙතමනය රැක ගැනීමට (Moisturize) කාලය ගන්න.හැකි නම් උසස් තත්වයේ සම රැකවරණ නිෂ්පාදන හෝ ස්වාභාවික එදිනෙදා ලෙහෙසියෙන් සොයා ගත හැකි අමුද්‍රව්‍ය භාවිතා කරන්න.

  • කොණ්ඩය පිළිවෙළට තබා ගන්න: අලුත් කොණ්ඩා මෝස්තරයක් උත්සාහ කරන්න හෝ කොණ්ඩය පිළිවෙළට පීරා තබා ගන්න.

  • සුවඳ විලවුන්: ඔබ ප්‍රිය කරන සුවඳක් භාවිතා කරන්න; එය ඔබේ ආත්ම විශ්වාසය වැඩි කරයි.සුවද විලවුන්ම නැතත් මිල අධික නැති සුවදවත් ද්‍රව්‍ය බොහෝ තිබේ.

  • පාවහන් සහ අමතර දෑ: ඔබේ පෙනුමට ගැළපෙන ඔරලෝසුවක්, මාලයක් හෝ පාවහන් යුවලක් පැළඳ ලස්සනට ඉන්න.

Comments