ඔබට ඔබව මගහැරිලාද? සෝලෝ ඩේට් එකක් ගිහින් බලන්න.

Comments · 7 Views

සෝලෝ ඩේට් එකක් කියන්නේ පාලුව මකාගන්න කරන දෙයක් නෙවෙයි. ඒක ඔබේ මානසික නිදහස වෙනුවෙන් කරන Romantic self-investment එකක්.

අපි හැමෝම කැමතියි කවුරු හරි අපිට Date එකක් යන්න කතා කරනවා නම්. හැබැයි අපි කවදා හරි අපිටම කතා කරලා තියෙනවාද? "අද අපි දෙන්නා (මම සහ මම) ලස්සන තැනකට ගිහින් රස කෑමක් කමුද?" කියලා.

1. ඇයි ඔබ Solo Date එකක් යා යුත්තේ ? 

අපේ ජීවිත හරිම කාර්යබහුලයි. ගෙදර අය, යාළුවෝ, ඔෆිස් එකේ වැඩ - මේ හැමෝම අතරේ අපිට අපේ "Inner Voice" එක අමතක වෙනවා.

  • තමන්ව හඳුනාගන්න: ඔබ ඇත්තටම කැමති මොන වගේ කෑම වලටද? ඔබ නිදහසේ ඉන්න කැමති කොයි වගේ පරිසරයකද? මේවා දැනගන්න හොඳම විදිහ තමයි මේක.

  • Confidence: තනියම රෙස්ටුරන්ට් එකකට ගිහින් කෑමක් ඕඩර් කරලා, ඒක රසවිඳින එකෙන් ඔබේ ආත්ම විශ්වාසය පුදුම විදිහට වැඩි වෙනවා.

    2. Solo Date එකක් රසවත් කරගන්නේ කොහොමද? 

    බොහෝ දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නය "මම තනියම ඉන්නකොට අනිත් අය මා දිහා බලලා මොනවා හිතයිද?" කියන එක. ඇත්තටම කවුරුත් ඔබ දිහා බලන්නේ නැහැ. බැලුවත් ඔවුන් හිතන්නේ "ෂා.. මේ කෙනා කොච්චර නිදහස්ද?" කියලා.

    Date එක Perfect කරගන්න ටිප්ස් කිහිපයක්:

    • Dress Up: යාළුවෙක් එක්ක ඩේට් එකක් යද්දී වගේම ලස්සනට ඇඳලා, සුවඳ විලවුන් ටිකක් ගාලා සූදානම් වෙන්න. ඒකෙන් ඔබට විශේෂ හැඟීමක් ලැබෙනවා.

    • No Social Media: හැමවෙලේම Facebook/Instagram ස්ක්‍රෝල් කරන්න එපා. ඒ වෙනුවට අවට පරිසරය බලන්න, මිනිස්සුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන්න.

    • Treat Yourself: ලෝබ නැතිව ඔබ ආසම කෑමක්, බීමක් ඕඩර් කරන්න. අද දවසේ "Special Guest" ඔබයි! 

      ඒ මොහොත අමතක නොවන එකක් කරගන්න 

      ඔබේ Solo Date එකේදී කුඩා සටහන් පොතක් (Journal) අරන් යන්න. ඔබේ අනාගත සිහින, එදින ඔබට දැනුණු දේවල් එහි ලියන්න. පස්සේ කාලෙක ඒක කියවද්දී ඔබට පුදුම සතුටක් දැනේවි.

      ලෝකයේ ඕනෑම කෙනෙක් ඔබට ආදරය කිරීමට පෙර, ඔබ ඔබටම ආදරය කරන්න ඉගෙන ගන්න. Solo Date එකක් කියන්නේ ඒකට හොඳම ආරම්භයක්.
Comments