රස බර කෝපි තතු

Comments · 27 Views

ලෝකේ එක දිනකට කෝපි කෝප්ප බිලියන 2.25 ක් පමණ පානය කරනවා. මේ ප්‍රමාණය දලවශයෙන් ගත්තොත් ලෝකේ ජන ගහනයෙන් හතරෙන් එකකටත් වැඩියි ලංකාවේ අපි වැඩිපුරම බොන්නේ කළු කෝපි (Black coffee) උනාට ලෝකේ කෝපි ආශ්‍රිත පාන වර්ග රාශියක් තියනවා.

පළමුව ලංකාවට කෝපි හදුන්වාදෙනු ලැබුවේ 17 වන සියවසේ මුල් භාගයේ දී යේමනය හා ඉන්දියාව හරහා පැමිණි මුස්ලිම් වන්දනාකරුවන් විසිනි. ඔවුන් පළමුව හදුන්වා දුන්නේ “ඇරබිකා කෝපි” නම් වූ ප්‍රභේදයයි. 18 වන සියවස වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෝගය වූයේ කෝපි වගාව යි. 1830 - 1870 පමණ කාලය තුළ ලෝකයේ හොඳම කෝපි නිෂ්පාදකයා වූයේ ශ්‍රී ලංකාවයි. වාණිජ පරිමාණයෙන් ප්‍රථම වරට කෝපි වගාව සාර්ථකව ආරම්භ කිරීම කරන ලද්දේ හිටපු බ්‍රිතාන්‍ය යුද්ධ හමුදා නිලධාරියෙක් වූ ජෝර්ජ් බර්ඩ් (George Bird) විය විසිනි. ඒ 1824 දී ගම්පොල සිංහපිටිය ප්‍රදේශයේය. එය වසර කිහිපයකට පසු රටේ වෙනත් බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත විය. 1824 දී ලංකා ආණ්ඩුකාර බවට පත් වූ එඩ්වඩ් බාන්ස්, 1825 දී ගන්නෝරුව (දැන් පේරාදෙණිය රාජකීය උද්භිද උද්යානයේ කොටසක) හා තවත් වතු කිහිපයක කෝපි වගාව ස්ථාපනය කරන ලදි. මෙම වගා ස්ථාපනය අනෙකුත් රජයේ නිලධාරීන් ගණනාවක් විසින් අනුගමනය කරන ලදී. ජෙරෝනිස් ද සොයිසා (Jeronis De Soysa) මහතා පලමුව වාණිජ පරිමාණයෙන් කෝපි වගා කිරීමට දේශීයව සම්බන්ද වූ එකම ව්‍යාපාරිකයා වූ අතර සහ පසුකාලිනව සමස්ත නිෂ්පාදනය හතරෙන් එකක් දේශීය ගොවීන් හා කුඩා ඉඩම් හිමියන් හරහා නිෂ්පාදනය වීම සිදුවිය.නමුත් 1870 පසු ශ්‍රි ලංකාවේ කෝපි වගාවට ඇති වූ කෝපි මලකඩ රෝගය නිසා ශ්‍රී ලංකාවේ කෝපි වගාව මුළුමනින්ම පාහේ විනාශ විය. ඒ සමඟම ශ්‍රි ලංකාව තුළ තේ වගාව ඉක්මනින් ව්‍යාප්ත වූ නිසා ශ්‍රී ලංකාවේ කෝපි වලට තිබූ ස්ථානය අහිමි විය. අද වන විට ලෝකෙ බොරතෙල් වලට පසු වැඩිම ඉල්ලුමක් සහිත දියරය බවට කෝපි පත් වී ඇත. එමෙන්ම ජලයට පසු ලෝකයේ වැඩිම ප්‍රමාණයක් පානය කරන දියරය බවට කෝපි පත්වී ඇත. තාක්ෂණය දියුණු වී කෝපි සඳහා රෝග ප්‍රතිරෝධී ප්‍රභේද හඳුන්වා දුන්නත් ශ්‍රී ලංකාව තුළ තවමත් කෝපි වගාව දියුණු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන නොමැත. ශ්‍රී ලංකාවේ කෝපි සඳහා ඇති ඉල්ලුම කෝපි වල ගුණාත්මයත් යන කරුණු මත අපනයන වෙළෙඳ පොළේ ශ්‍රි ලංකාවේ කෝපි සඳහා ඉහළ ඉල්ලුමක් ඇත. මෙම විභවතාවය අවබෝධ කරගනිමින් ශ්‍රි ලංකාව තුළ යළිත් වරක් කෝපි ප්‍රචලිත කිරීම ආරම්භ කරන්නම් අපනයන තුළින් වැඩි විදේශ විනිමයක් ඉපයිය හැක. 

කෝපි වර්ග 

1.       Arabica – මේ තමයි වැඩිපුරම ජනප්‍රිය කෝපි වර්ගය. මේ වර්ගයේ තියෙන වෙනස් රස නිසාම කෝපි වලට කැමති බොහෝ දෙනෙක් තෝරගන්නෙ මේ Arabica කියන වර්ගය.

  • Robusta – Arabica වර්ගය වැඩිපුරම ප්‍රසිද්ධ උනත් මේ robusta ලාභදායී වගේම අනෙක් වර්ගයට වඩා ටිකක් සැරයි. ඒ වගේම Arabica වලට වඩා කැෆේන් ගතියත් මේ වර්ගයේ වැඩියි.

කෝපි පානයන්

  • Black

මේ අපි හැමෝම දන්නා කළු කෝපි. කෝපි කුඩු උණුවතුරේ දිය කරලා හදාගන්න පානය. ලංකාවේ අපි සීනි එකතු කරලා පැණි රසට බිව්වට විදේශිකයන් නම් නියම කෝපි රසට තමයි බොන්නෙ.

  • Espresso

මේ කෝපි කුඩු එක්ක උණු වතුර බොහොම ස්වල්පයක් පීඩන මැෂින් එකකින් කළවම් කරලා හදාගන්න විදිහක්. මෙය ඉතාලි ක්‍රමයක්. වෙනම බොනවට වඩා බොහෝවිට espresso පාවිච්චි කරන්නෙ වෙනත් කෝපි පානයන් හදාගන්න මූලික අමුද්‍රව්‍යයක් විදිහට.

  • Latte

වඩාත්ම ජනප්‍රියම කෝපි පානය මේක කිව්වොත් වැරදි නැහැ. Espresso සමඟ කිරි කලවම් කරලා හදාගන්න පානයක්.

  • Cappuccino

මේකත් Latte වර්ගයක්. නමුත් සාමාන්‍ය එකට වඩා පෙණ ගතියෙන් යුක්තයි. ඒ වගේම පානයට උඩින් කොකෝවා හෝ කුරුඳු කුඩු ඉහලා පිළිගන්වන්නේ.

  • Americano

Black කොෆී වගේම espresso දිය කරලා හදන පානයක්.

  • Mocha

මේක චොකලට් espresso පානයක්. කිරි සමඟ මිශ්‍ර කරලයි පිළිගන්වන්නෙ.

සාමාන්‍ය කෝපි සහ ක්ෂණික කෝපි අතර වෙනස

අපි එදිනෙදා ජීවිතේදී දන්න විදිහට මේ කෝපි ප්‍රධානවම වර්ග දෙකක් තියෙනවනේ. ඒ සාමාන්‍ය අපි බොන හරිස්චන්ද්‍ර, අයිලන්ඩ් වගේ සාමාන්‍ය කෝපි සහ නෙස්කැෆේ, Bru වගේ ක්ෂණික කෝපි විදිහටයි. ඒ දෙකේ වෙනස මේන්න මේකයි. සාමාන්‍ය කෝපි කියන්නෙ අපි කවුරුත් දන්න විදිහට කෝපි ඇට වේලලා, බැදලා, කුඩු කරලා හදන එකටයි. Instant නැත්තම් ක්ෂණික කෝපි කියන්නෙ එහෙම හදලා දිය කරපු සාමාන්‍ය කෝපි නැවත අධි තාපයක් හෝ සීතලක් යටතේ පවුඩර් එකක් බවට පත් කරලා හදන එකටයි. හදන විදිහ වගේම මේ කෝපි වර්ග දෙකේ අඩංගු වෙන කැෆේන් ප්‍රමාණයන්ගේත් වෙනසක් තියෙනවා. සාමාන්‍ය කෝපි වල ක්ෂණික කෝපි වලට වඩා වැඩි ප්‍රමාණයක් කැෆේන් අඩංගු වෙනවා කියල තමයි කියන්නෙ.

Comments
Sadini Gamage 7 d

hi