1️⃣3️⃣ ඔබේ ව්‍යාපාරය Marketing කරන්නේ කොහොමද?
👉🏻 හොඳ Business එකක් තිබුණාට, ඒ ගැන කවුරුත් දන්නේ නැත්නම් Customerලා එන්නේ කොහොමද? ඒ නිසා Business එකක් පටන්ගත්තම Product එක හදන එක වගේම, ඒ Product එක ගැන නිවැරදි පිරිසට කියන එකත් වැදගත්.
👉🏻 Marketing කියන්නේ සල්ලි වියදම් කරලා Advertisement එකක් දාන එක විතරක් නෙවෙයි. එය සරලව කියනවා නම්,
📍 “අපි කවුද? අපි මොනවාද ලබාදෙන්නේ? Customer කෙනෙක් අපිව තෝරාගත යුත්තේ ඇයි?”
කියන දේ මිනිස්සුන්ට පැහැදිලිව කියන එකයි.
💰 Marketing වියදමක් නෙවෙයි — Investment එකක්
👉🏻 Rent, Salary, Electricity වගේ වියදම් ගැන අපි හොඳින් ගණන් බලනවා. නමුත් Marketing වලදී සමහර වෙලාවට,
“මේකට සල්ලි දාලා ඇත්තටම මොනවා ලැබුණාද?” කියලා හිතන්න අමතක වෙනවා. ඒ නිසා Marketing කරන්න කලින් Goal එකක් තීරණය කරන්න. උදාහරණයක් විදිහට:
🎯 අලුත් පාරිභෝගිකයන් 100ක් ගෙන්වාගන්න.
🎯 New Product එකක් හඳුන්වාදෙන්න.
🎯 Brand Awareness වැඩි කරන්න.
🎯 Shop එකට වැඩිපුර Customers ගෙන්වාගන්න.
එතකොට Marketing එකේ ප්‍රතිඵලය මැනගන්න පහසුයි.
❤️ ඔබේ Business එක විශේෂ ඇයි?
👉🏻 පාරිභෝගිකයෙක්ට ඔබේ Business එක තෝරාගන්න හේතුවක් තියෙන්න ඕන.
▪️ ඔබේ Shop එකේ විශේෂත්වය මොකක්ද?
▪️හොඳම Quality එකද?
▪️ඉක්මන් Service එකද?
▪️සාධාරණ මිලද?
▪️Unique Productsද?
▪️Friendly Customer Service එකද?
▪️Local සහ Personal Experience එකද?
එක හඳුනාගන්න. ඊට පස්සේ ඒක පාරිභෝගිකයන්ට කියන්න.
📍 “අපිත් අනිත් අය වගේමයි” කියන එක වෙනුවට
📍 “අපිව තෝරාගන්න හේතුව මේකයි” කියන්න.
📱 Social Media එක ඔබේ හොඳම යාළුවෙක් කරගන්න
👉🏻 අද Business එකක් පටන්ගන්නකොට Social Media නොසලකා හරින්න අමාරුයි. Facebook, Instagram, TikTok වගේ Platforms හරහා ඔබට Business එක ගැන මිනිස්සුන්ට කලින්ම කියන්න පුළුවන්. Shop එක තාම Open කරලා නැද්ද? එහෙනම්...
📸 Shop එක සකස් කරන Photos දාන්න.
👀 Behind-the-scenes Videos පෙන්වන්න.
🆕 New Products ගැන කියන්න.
🎉 Opening Date එක Announce කරන්න.
🎁 Special Offers හඳුන්වාදෙන්න.
ඒකෙන් Shop එක Open කරන්න කලින්ම පාරිභෝගිකයන් තුළ උනන්දුවක් සහ බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන්.
🚪 Shop එක Open කරන්න කලින් පාරිභෝගිකයන්හොයාගන්න
👉🏻 ඔබේ Shop එක තාම Open කරලා නැති වුණත්, Marketing පටන්ගන්න පුළුවන්. Shop එකේ Windows වල,
“Coming Soon!”
වගේ Messages දාන්න. Flyers හෝ Leaflets බෙදාදෙන්න. උනන්දුවක් තියෙන අයට ඔවුන්ගේ Contact Details ලබාදෙන්න අවස්ථාවක් දෙන්න. ඒකෙන් ඔබට Potential Customersලාගේ List එකක් හදාගන්න පුළුවන්. පස්සේ Opening Day එක, Special Offer එකක් හෝ New Product එකක් ගැන ඔවුන්ට දැනුම් දෙන්න පුළුවන්.
🎉 Opening එක Event එකක් කරන්න
👉🏻 Business එකේ පළමු දවස සාමාන්‍ය දවසක් වගේ නොකර, “අපේ Business එක පටන්ගන්න දවස” විශේෂ අවස්ථාවක් කරන්න. Local Community එකට ආරාධනා කරන්න. පාරිභෝගිකයන්ට Products Try කරන්න අවස්ථාවක් දෙන්න. Special Offers දෙන්න. Photos සහ Videos Social Media වල Share කරන්න.
අරමුණ එකයි:
👉🏻 මිනිස්සුන්ට ඔබේ Business එක ගැන දැනගන්න විතරක් නෙවෙයි — ඔවුන්ට එන්න, බලන්න සහ අත්විඳින්න අවස්ථාවක් දෙන්න.
🌐 “Online නැත්නම් Business එකක් නැහැ” කියන තරමට Online Presence එක වැදගත්
👉🏻 පාරිභෝගිකයන්ට ඔබේ Business එක ගැන අහලා මුලින්ම මොකද කරන්නේ? බොහෝ වෙලාවට Online Search කරනවා. ඒ නිසා ඔබේ Business එක Online තියෙන්න ඕන. අවම වශයෙන්:
📍 Google Business Profile
📱 Social Media Page
🌐 Website එකක් — අවශ්‍ය නම්
👉🏻 වගේ Online Presence එකක් හදාගන්න. ඒවායේ,
📍 Business Name → Address → Phone Number → Opening Hours → Photos → Products/Services
වගේ තොරතුරු නිවැරදිව තබන්න. පාරිභෝගිකයන්ට ඔබව හොයාගන්න බැරි නම්, ඔහු වෙන Business එකකට යන්න පුළුවන්.
🏘️ ඔබේ Community එක අමතක කරන්න එපා
👉🏻 Small Business එකක් විදිහට ඔබට තියෙන ලොකුම වාසියක් තමයි ඔබේ Community එකට සමීපව වැඩ කරන්න පුළුවන් වීම. ලොකු Companies හැමෝටම එකම Product එක විකුණන්න උත්සාහ කරනවා. ඔබට ඒ තරම් විශාල වෙන්න අවශ්‍ය නැහැ.
▪️ ඔබේ ප්‍රදේශයේ නිවැරදි Customersලා හඳුනාගන්න.
▪️ ඔවුන්ට අවශ්‍ය දේ තේරුම්ගන්න.
▪️ ඔවුන්ගේ Feedback අහන්න.
▪️ Local Events වලට සහභාගී වෙන්න.
▪️ අසල්වැසි Businesses සමඟ සම්බන්ධතා ගොඩනගන්න.
▪️ ඒකෙන් Business එකක් විතරක් නෙවෙයි,
Community එක තුළ ඔබේ Brand එකක් ගොඩනගන්න පුළුවන්.
📊 Marketing එකේ ප්‍රතිඵල මැන බලන්න
👉🏻 Advertisement එකක් දැම්මා.
👉🏻 Post එකක් දැම්මා.
👉🏻 Promotion එකක් කළා.
ඒකෙන් මොකද වුණේ? මේක තමයි වැදගත්ම ප්රශ්නය. උදාහරණයක් විදිහට:
📱 Social Media Ad එකෙන් Customers කී දෙනෙක් ආවාද?
🎟️ Promotion එක භාවිතා කළේ කී දෙනෙක්ද?
📞 Advertisement එක දැකලා Contact කළේ කී දෙනෙක්ද?
🛒 Campaign එකෙන් Sales කොපමණ වැඩි වුණාද?
මේ තොරතුරු බලලා වැඩ කරන Marketing ක්‍රම තවදුරටත් වැඩි කරන්න. වැඩ නොකරන දේවල් වෙනස් කරන්න.
🔄 Try → Measure → Improve
👉🏻 Marketing එකේ හැම දෙයක්ම පළමු වතාවේම සාර්ථක වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයි.
▪️ Facebook Post එකක් වැඩ කළේ නැද්ද?
▪️ වෙනස් ආකාරයක Content එකක් Try කරන්න.
▪️ Offer එකට පාරිභෝගිකයන් කැමති නැද්ද?
▪️ Offer එක වෙනස් කරන්න.
▪️ Poster එකෙන් ප්‍රතිචාර නැද්ද?
▪️ වෙනත් ක්‍රමයක් බලන්න.
Marketing කියන්නේ එකපාරක් කරලා නවත්වන වැඩක් නෙවෙයි. එය,
📍 Try → Measure → Learn → Improve
කියන අඛණ්ඩ ක්‍රියාවලියක්.
⭐ Small Business එකක් වීම ඔබේ දුර්වලකමක් නෙවෙයි
👉🏻 ලොකු Companies එක්ක Advertisement Budget එකෙන් තරඟ කරන්න ඔබට බැරි වෙන්න පුළුවන්. ඒත් ඔබට ඔවුන්ට වඩා හොඳ දෙයක් තියෙනවා. Personal Touch එක.
▪️ඔබට Customer කෙනෙක්ගේ නම මතක තියාගන්න පුළුවන්.
▪️ඔහු කැමති Product එක මතක තියාගන්න පුළුවන්.
▪️ඔහුගේ Feedback එකට ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න පුළුවන්.
පාරිභෝගිකයන්ට “මම මේ Business එකට වැදගත්” කියලා දැනෙන්න සලස්වන්න පුළුවන්. ඒක තමයි Small Business එකක ලොකුම Marketing Advantage එකක්.
🚀 අදම පටන්ගන්න
👉🏻 Business එක Open කරනකම් Marketing පටන්ගන්න බලාගෙන ඉන්න එපා.
▪️ඔබේ Story එක කියන්න.
▪️ඔබේ Product එක පෙන්වන්න.
▪️ඔබේ Community එක සමඟ සම්බන්ධ වෙන්න.
▪️Online Presence එක හදාගන්න.
▪️පාරිභෝගිකයන්ට Try කරන්න අවස්ථාව දෙන්න.
▪️ප්‍රතිඵල මැනලා නැවත Improve කරන්න.
මතක තියාගන්න...
📍 හොඳ Business එකක් Customer කෙනෙක්ට හමුවෙන්න බලාගෙන ඉන්නේ නැහැ.
📍 හොඳ Business එක Customerට තමන් ගැන දැනගන්න හේතුවක් හදනවා.
🔸 Marketing කියන්නේ මිනිස්සුන්ට “අපිව Buy කරන්න” කියන එක විතරක් නෙවෙයි.
ඔබේ Business එක ඔවුන්ට මතක හිටින Brand එකක් බවට පත් කරන එකයි.
