1️⃣2️⃣ හොඳම සේවක කණ්ඩායමක් තෝරාගන්නේ කොහොමද?
👉🏻 කුඩා ව්‍යාපාරයක් පටන්ගත්ත මුල් කාලයේදී බොහෝ වැඩ ඔබටම බලාගන්න පුළුවන්. පාරිභෝගිකයෙකුට “ආයුබෝවන්” කියන එකේ ඉඳලා, Product එකක් Pack කරන විදිහ දක්වා හැම දෙයක්ම ඔබේ අධීක්ෂණය යටතේ තියෙන්න පුළුවන්. ඒත් Business එක ටිකෙන් ටික වර්ධනය වෙනකොට...
👉🏻 හැම වැඩක්ම තනියම කරන්න බැහැ. එතකොට ඔබට අවශ්‍ය වෙන්නේ විශ්වාස කළ හැකි, දක්ෂ සහ වගකීමෙන් වැඩ කරන Team එකක්.
⭐ සේවකයෙක් තෝරගන්න කලින් මේ දේවල් බලන්න
👉🏻 Interview එකකදී CV එක විතරක් බලලා තීරණය කරන්න එපා. ඔබගෙන්ම මේ ප්‍රශ්න අහන්න:
🧠 Competent – වැඩේ හොඳින් කරන්න දන්නවාද?
💪 Capable – වගකීමක් දුන්නොත් ඒක ඉටු කරන්න පුළුවන්ද?
🤝 Compatible – ඔබේ Team එකත් එක්ක හොඳින් වැඩ කරන්න පුළුවන්ද?
❤️ Committed – Business එකේ අරමුණු වෙනුවෙන් කැපවෙන්න සූදානම්ද?
🌱 Culture – ඔබ ගොඩනගන්න හදන workplace culture එකට ගැළපෙනවාද?
💰 Compensation – ඔහුගේ/ඇයගේ වටිනාකමට සාධාරණ වැටුපක් සහ ප්රතිලාභ ලබාදෙන්න ඔබට පුළුවන්ද?
අවසානයේ බලන්න ඕන,
📍 “මේ පුද්ගලයා මේ Job එක කරන්න පුළුවන්ද?” කියන එක විතරක් නෙවෙයි.
📍 “මේ පුද්ගලයා මගේ Business එකට ගැළපෙන කෙනෙක්ද?”
කියන එකත් වැදගත්.
📋 සේවකයන් වැඩි වෙනකොට වැඩත් වැඩි වෙනවා
👉🏻 පළමු සේවකයා බඳවාගත් මොහොතේ සිට ඔබේ වගකීම් වෙනස් වෙනවා. වැටුප් ගෙවීම්, සේවක වාර්තා, බදු, රක්ෂණ සහ නීතිමය අවශ්‍යතා වගේ දේවල් නිවැරදිව කළමනාකරණය කරන්න වෙනවා. ඒ නිසා සේවකයන් බඳවාගැනීමට කලින් ඔබේ රටේ අදාළ කම්කරු නීති, බදු නීති සහ සේවා කොන්දේසි ගැන නිවැරදිව දැනුවත් වෙන්න.
▪️ මේ දේවල් නොසලකා හැරීම පසුව දඩ, නීතිමය ගැටලු සහ අනවශ්‍ය වියදම් ඇති කරන්න පුළුවන්.
💻 Payroll එකත් පහසු කරගන්න
👉🏻 සේවකයන් කිහිප දෙනෙක් ඉන්නකොට වැටුප් අතින් ගණනය කරමින් හැම දෙයක්ම Note කරගෙන යන එක අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ Business එකට ගැළපෙන Payroll Software එකක් හෝ Accounting System එකක් භාවිතා කිරීම ප්‍රයෝජනවත්.
ඒකෙන්,
* 💰 වැටුප් ගණනය
* 📅 Attendance
* 🧾 වැටුප් වාර්තා
* 📊 සේවක වියදම්
* 📁 Records
වගේ දේවල් පවත්වාගෙන යන්න පුළුවන්. Business එකේ ලොකු වෙනසක් කරන්න පුළුවන් පොඩි Automation එකක් වුණත් ඔබේ කාලය ගොඩක් ඉතිරි කරයි.
🎓 හොඳ සේවකයෙක් බඳවාගත්තාම වැඩේ ඉවර නැහැ
👉🏻 හොඳ Employee කෙනෙක් හොයාගැනීම වැදගත්. ඒත් ඔහුව හෝ ඇයව හොඳින් පුහුණු කිරීම ඊටත් වඩා වැදගත්. අලුත් සේවකයෙක් Business එකට ආපු පළමු දවසේ,
“මේක තමයි අපේ වැඩ කරන විදිහ.”
කියලා පැහැදිලිව කියලා දෙන්න.
📖 Employee Handbook එකක් හදාගන්න
👉🏻 Business එකේ මූලික නීති සහ වැඩ කරන ක්‍රම ගැන සරල Employee Handbook එකක් තිබුණොත් ගොඩක් පහසුයි. උදාහරණයක් විදිහට:
▪️ Customer කෙනෙක්ව පිළිගන්නේ කොහොමද?
▪️ Customer Complaints handle කරන්නේ කොහොමද?
▪️ Products Pack කරන්නේ කොහොමද?
▪️ Cash Handle කරන්නේ කවුද?
▪️ Stock Check කරන්නේ කොහොමද?
▪️ Leave ගන්න ක්‍රමය මොකක්ද?
▪️Workplace Rules මොනවාද?
වගේ දේවල් පැහැදිලිව සඳහන් කරන්න. එතකොට සේවකයන්ටත්,
“මම මේක කොහොමද කරන්න ඕන?”
කියලා හැම වෙලාවෙම ඔබගෙන් අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
❤️ සේවකයන්ට Job එකක් විතරක් දෙන්න එපා
මතක තියාගන්න...
👉🏻 පාරිභෝගිකයෙක් ඔබේ Business එකට එන්නේ Product එකක් ගන්න විතරක් නෙවෙයි. ඔහුට හොඳ අත්දැකීමක් අවශ්‍යයි. ඒ අත්දැකීම ලබාදෙන්නේ බොහෝ වෙලාවට ඔබේ Employeesලා.
▪️ පාරිභෝගිකයෙක් Shop එකට ඇතුළු වුණාම ලස්සනට පිළිගන්නවාද?
▪️ ප්‍රශ්නයක් ඇහුවාම හොඳින් උත්තර දෙනවාද?
▪️ Complaint එකක් ආවොත් ඉවසීමෙන් කටයුතු කරනවාද?
මේ හැම දෙයක්ම Business එක ගැන Customerගේ අදහසට බලපානවා.
🤝 හොඳ Team එකක් = හොඳ Customer Experience එකක්
👉🏻 කුඩා ව්‍යාපාරවලට Customersලා කැමති වෙන්නේ ඒවායේ තියෙන Personal Touch එක නිසයි. විශාල Business එකකින් ලැබෙන්නේ නැති ඒ පුද්ගලික අත්දැකීම ඔබේ Team එක හරහා ලබාදෙන්න පුළුවන්. ඒ නිසා Employeesලාට හොඳ Training එකක් දෙන්න.
▪️ ඔවුන්ගේ අදහස් අහන්න.
▪️ හොඳ වැඩක් කළාම අගය කරන්න.
▪️ සාධාරණ ලෙස සලකන්න.
Happy Team එකක් බොහෝ වෙලාවට සතුටු පාරිභෝගිකයෙකු බිහිකරනවා.
⭐ අවසානයේ මතක තබාගන්න
👉🏻 හොඳ සේවකයෙක් කියන්නේ වැටුපකට වැඩ කරන කෙනෙක් විතරක් නෙවෙයි. ඔහු හෝ ඇය ඔබේ Business එක Customerට නියෝජනය කරන කෙනෙක්. ඒ නිසා,
📍 නිවැරදි පුද්ගලයන් තෝරන්න → හොඳින් පුහුණු කරන්න → පැහැදිලි නීති ලබාදෙන්න → සාධාරණව සලකන්න → Team එකක් විදිහට වර්ධනය කරන්න.
🔸 ඔබට Business එකක් තනියම පටන්ගන්න පුළුවන්.
🔸 ඒත් Business එකක් විශාල කරන්න හොඳ Team එකක් අවශ්‍යයි.
📍 ඔබේ සේවකයින් ඔබේ Business එකේ මුහුණයි.
📍 ඔවුන්ට හොඳ අත්දැකීමක් දුන්නොත්, ඒ අත්දැකීම පාරිභෝගිකයන්ටත් ලැබෙනවා.
ඊළඟ කොටසින් හමුවෙමු.
