1️⃣1️⃣ Inventory එක හොඳින් Manage කරන්නේ කොහොමද?
👉🏻 ව්‍යාපාරයක් පටන්ගත්තම අපිට හිතෙන්නේ, “භාණ්ඩ තියෙනවා නම් විකුණන්න පුළුවන්.” කියලයි. ඒත් ඇත්තටම එහෙම සරල නැහැ.
👉🏻 අවශ්‍ය වෙලාවේ අවශ්‍ය භාණ්ඩය තියෙන එකත්, අතිරික්ත Stock එකක් තියාගෙන මුදල් හිර කර නොගන්න එකත් එකවර කළමනාකරණය කරන්න ඕන. ඒකට තමයි Inventory Management කියන්නේ.
⭐ මුලින්ම ඔබේ “Main Product” එක හඳුනාගන්න
👉🏻 සෑම ව්‍යාපාරයකටම පාරිභෝගිකයන් වැඩිපුරම මතක් කරන ප්‍රධාන Product එකක් තියෙන්න පුළුවන්.
☕ Coffee Shop එකක් නම් — Coffee
🍔 Burger Shop එකක් නම් — Burger
👕 Clothing Store එකක් නම් — ඔබේ විශේෂ ඇඳුම් වර්ගයක්.
මේ Product එක ඔබේ Main Product එක විදිහට ගොඩනගන්න.
👉🏻 පාරිභෝගිකයන්ට,
“මේ තැනේ හොඳම Burger එක තියෙනවා.” කියලා මතක් වෙනවා නම්, ඒක ඔබේ Brand එකට ලොකු වාසියක්.
🍟 Main Product එකක් විතරක් ප්‍රමාණවත් නැහැ
👉🏻 පාරිභෝගිකයන්ට Burger එකක් ගන්න ආවා කියලා හිතමු. ඔහුට, Burger + Fries + Drink වගේ අමතර Products ලබාදෙන්න පුළුවන්. ඒක තමයි Complementary Products කියන්නේ.
▪️ අරමුණ පාරිභෝගිකයන්ට අනවශ්‍ය දේවල් විකුණන එක නෙවෙයි.
▪️ ඔහුට අවශ්‍ය විය හැකි ගැළපෙන Products පහසුවෙන් ලබාදීමයි.
ඒකෙන් එක පාරිභෝගිකයෙකුගෙන් ලැබෙන Sales Value එක වැඩි කරගන්න පුළුවන්.
🛒 Supplier කෙනෙක් තෝරනකොට හොඳින් බලන්න
👉🏻 Inventory එක හොඳින් කළමනාකරණය කරන්න නම් හොඳ Suppliersලා ඉන්න එක ඉතා වැදගත්. Supplier කෙනෙක් තෝරන්න කලින් මේ ප්‍රශ්න අහන්න:
▪️ භාණ්ඩ ගන්නේ කොහෙන්ද?
▪️ මිල කොච්චරද?
▪️ Quality එක කොහොමද?
▪️ මට කොපමණ Profit Margin එකක් තියාගන්න පුළුවන්ද?
▪️ භාණ්ඩ ලැබෙන්න කොපමණ කාලයක් යනවාද?
▪️ නිතරම එකම Quality එක ලබාදෙනවාද?
මේ දේවල් කලින්ම තේරුම්ගන්න.
💰 Supplier එක්ක Price එක ගැන සාකච්ඡා කරන්න
👉🏻 Supplier කෙනෙක් ඔබට භාණ්ඩයක් විකුණන්නේ ඔහුටත් Profit එකක් අවශ්‍ය නිසා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඔබ Supplier කෙනෙක් හොයාගත්තට පස්සේ,
“මේ තමයි මිල. මට වෙන කරන්න දෙයක් නැහැ.” කියලා නවතින්න එපා.
▪️ Quantity එක අනුව Discount තියෙනවාද?
▪️ Regular Customer කෙනෙක් වුණාම මිල අඩු කළ හැකිද?
▪️ Delivery Cost එක අඩු කරගන්න පුළුවන්ද?
▪️ Payment Terms වෙනස් කරගන්න පුළුවන්ද?
වගේ දේවල් ගැන සාකච්ඡා කරන්න. රුපියලක් දෙකක් ඉතිරි කිරීම පවා දිගුකාලීනව ලොකු වෙනසක් කරන්න පුළුවන්.
⚠️ එක Supplier කෙනෙක් මතම රඳා ඉන්න එපා
👉🏻 මේකත් ඉතා වැදගත්. ඔබට අවශ්‍ය භාණ්ඩ සියල්ලම එක Supplier කෙනෙකුගෙන් ගන්නවා කියලා හිතමු. හදිසියේ ඔහු,
“මට මේ සතියේ Stock දෙන්න බැහැ.”
කියනවා. එහෙම වුණොත් ඔබේ Business එකට මොකද වෙන්නේ? ඒ නිසා හැකි අවස්ථාවලදී Alternative Suppliersලා ගැනත් සොයා බලන්න. එක Supplier කෙනෙක්ගේ මිල වැඩි වුණත් ඔබේ සම්පූර්ණ Business එකම අමාරුවේ වැටෙන්නේ නැති විදිහට Supply Chain එකක් හදාගන්න.
📊 Inventory එක හරියට Track කරන්න
👉🏻 Inventory Management එකේ මූලික අදහස හරිම සරලයි.
▪️ උදාහරණයක් විදිහට ඔබ ළඟ උදේ ඇපල් 100ක් තියෙනවා. දවසේ ඇපල් 20ක් විකුණනවා. ඉතිරි වෙන්න ඕනේ 80ක්. System එකේ 80ක් කියලා තියෙනවාද? ඇත්තටම Shop එකේ 80ක් තියෙනවාද? මේ දෙක සමානද කියලා පරීක්ෂා කරන්න.
👉🏻 ඒක සරල උදාහරණයක් වුණත්, Business එක විශාල වෙනකොට Products සිය ගණනක් හෝ දහස් ගණනක් Track කරන්න සිදුවෙනවා. එතකොට අතින් හැම දෙයක්ම කරන එක අමාරුයි.
💻 Inventory Software එකක් භාවිතා කරන්න
👉🏻 අද Technology නිසා මේ වැඩේ ගොඩක් පහසු කරගන්න පුළුවන්. POS System එකක් හෝ Inventory Management Software එකක් භාවිතා කළොත්, Product එකක් විකුණන විට Stock එක Automatically Update වෙන්න පුළුවන්. ඒ වගේම,
📦 දැනට තියෙන Stock ප්‍රමාණය
📉 ඉක්මනින් අඩුවන Products
📈 වැඩිපුර විකුණන Products
🕐 නැවත Order කළ යුතු වේලාව
💰 Purchase Cost
📊 Sales Trends
වගේ තොරතුරු පහසුවෙන් බලන්න පුළුවන්.
🥬 Expiry Date ගැනත් හිතන්න
👉🏻 සියලුම Products එකම විදිහට Store කරන්න බැහැ. ආහාර වගේ Products ඉක්මනින් නරක් වෙන්න පුළුවන්. ඒ නිසා, “මට Stock තියෙනවා.” කියන එක විතරක් ප්‍රමාණවත් නැහැ. “ඒ Stock එක තව කොපමණ කාලයක් හොඳින් තියෙනවාද?” කියන එකත් බලන්න. නැත්නම් විකුණන්න බැරි Stock එකක් වෙලා මුදල් නාස්ති වෙන්න පුළුවන්.
❌ “Sorry, ඒක දැන් නැහැ!”
👉🏻 පාරිභෝගිකයෙක් ඔබේ Shop එකට ඇවිත් ඔහුට අවශ්‍ය Product එක ඉල්ලනවා. ඔබ කියනවා, “Sorry, ඒක දැන් Stock එකේ නැහැ.” එක පාරක් වුණාට ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් නිතරම එහෙම වුණොත්? පාරිභෝගිකයා වෙන Shop එකකට යයි. ඒ නිසා Stock Out වෙන එකෙන් ඔබට Sales එකක් විතරක් නෙවෙයි, පාරිභෝගිකයෙක් පවා අහිමි වෙන්න පුළුවන්.
⚖️ වැඩිපුර Stock එකත් හොඳ නැහැ
👉🏻 අවශ්‍ය Product එක නැතිවීම ගැටලුවක්. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර Stock තියාගැනීමත් ගැටලුවක්. ඒකෙන්,
💰 මුදල් Stock එක තුළ හිර වෙනවා.
🏠 වැඩි Storage Space අවශ්‍ය වෙනවා.
📉 Product එක විකිණෙන්නේ නැත්නම් පාඩු වෙනවා.
🥬 සමහර Products නරක් වෙන්න පුළුවන්.
ඒ නිසා ඉලක්කය විය යුත්තේ, “වැඩිපුර Stock එකක් නෙවෙයි. අඩුවෙන් Stock Out නොවන තරම් නිවැරදි Stock එකක්.”
📈 Sales Data එකෙන් ඉදිරිය සැලසුම් කරන්න
👉🏻 ඔබේ පසුගිය Sales Data එක බලන්න.
▪️ සතියේ කුමන දවසේ වැඩිපුර විකුණනවාද?
▪️ මාසයේ කුමන කාලයේ Sales වැඩිද?
▪️ කුමන Product එක ඉක්මනින් විකිණෙනවාද?
▪️කුමන Product එක දිගටම ඉතිරි වෙනවාද?
ඒ තොරතුරු භාවිතා කරලා ඉදිරියේදී කොපමණ Stock එකක් අවශ්‍යද කියලා සැලසුම් කරන්න. ඒකෙන් අනුමානයෙන් Stock ගන්නවා වෙනුවට Data එක මත තීරණ ගන්න පුළුවන්.
⭐ අවසානයේ මතක තබාගන්න
👉🏻 Inventory Management කියන්නේ ලොකු, ආකර්ෂණීය වැඩක් වගේ පේන්නේ නැහැ. නමුත් ඒක ඔබේ Profit එකට සෘජුවම බලපාන වැදගත්ම කොටසක්.
👉🏻 ඒ නිසා,
📍 හොඳ Products තෝරන්න → විශ්වාසදායක Suppliers හොයාගන්න → මිල සාකච්ඡා කරන්න → Stock නිවැරදිව Track කරන්න → Inventory Software භාවිතා කරන්න → Stock Out සහ Overstock දෙකම වළක්වන්න.
▪️ භාණ්ඩ වැඩිපුර තියෙන එකෙන් Business එක සාර්ථක වෙන්නේ නැහැ.
▪️ නිවැරදි වෙලාවේ, නිවැරදි ප්‍රමාණයෙන්, නිවැරදි භාණ්ඩය තිබීමයි වැදගත්.
📍 Inventory එක හොඳින් පාලනය කළොත්, ඔබේ මුදල් නාස්ති වීම අඩු කරලා, Sales වැඩි කරලා, Business එකේ Profit එක තවත් හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන්.
ඊළඟ කොටසින් හමුවෙමු.
