නොකී ප්‍රේමය

ඈත නිම්නයෙන් හමා එන
සිහින් මඳ පවනක් ලෙසින්,
නුඹේ මතකය සෙමින් ඇවිදින්
සිතේ ලැගුම් ගත් හැටි...

නිල් අහස මෙන් නිසලව
බලා ඉන්නෙමි මඟ දෑලේ,
වචන නොකරන ඒ ආදරය
හදවතින්ම විඳගන්නට...

image