Mar
සියවසක සුව මෙහෙවරක අභිමානය!
ඔබ සැමට ආරාධනා.. !
ජාතික බෝවන රෝග විද්‍යායතනය (National Institute of Infectious Diseases) සිය වසරක අභිමානවත් සුව සේවය සමරමින් පවත්වනු ලබන, සුවිශේෂී සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනය සඳහා මහජනතාවට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
බෝවන රෝග පිළිබඳව ඔබේ දැනුම යාවත්කාලීන කර ගැනීමටත්, වසර සියයක් පුරා අප ආ ආඩම්බරකාරී ගමන් මග සහ අත්දැකීම් සමීපව දැකබලා ගැනීමටත් මෙය ඔබට කදිම අවස්ථාවකි. පැමිණ අප සමඟ එක්වන්න!
දිනයන්: 2026 මාර්තු මස 26 සහ 27
වේලාව: පෙ.ව. 9:00 සිට ප.ව. 4:30 දක්වා
ස්ථානය: රෝහල් සායන ගොඩනැගිලි සංකීර්ණය (IDH)
මේ වටිනා අවස්ථාවට සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා කරන අතර, මේ පණිවිඩය Share කර ඔබගේ පවුලේ අය සහ හිතවතුන් ද දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.