සුදු වැලි ඇතිරීම Cover Image
25

Dec

සුදු වැලි ඇතිරීම

  • days
  • Hours
  • Minutes
  • Seconds
2025-12-25 - 09:00
2025-12-25 - 17:00
  • ගං වතුරෙන් විපතට පත් වෙහෙර විහාරස්ථාන පිරිසුදු කිරීමේ වැඩසටහනේ පළමු අදියර වශයෙන් එගොඩ කැලණිය රාජමහා විහාරාධිපති අති පූජනීය අඹේපුස්සේ අමරජෝති ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසනා මත, "එගොඩ කැලණිය කිත්සිරි මෙවන් රාජමහා විහාරස්ථානයේ" දෙසැම්බර් 25 වන දින සුවඳ තැවරූ සුදු වැලි අතුරා ගං වතුරෙන් ගසා ගෙන ආ කැලි කසළ ඉවත් කර, පහන් වැට සෝදා පවිත්‍ර කර, තීන්ත ආලේප කිරීම් ආදිය සිදුකර සවස අති පූජ්‍ය කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් සුමධුර ධර්ම දේශනාවක්ද පැවැත්වීමට ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜අප මිතුරු කැළ සියලු කටයුතු සංවිධානය කර ඇත .
    යුගයේ අවශ්‍යතාවයක්ව පවතින මේ මාහැඟි පින්කමට සම්බන්ධ වීමට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු.
    තෙරුවන් සරණයි !!!