The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ Cover Image
29

Nov

The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ

  • days
  • Hours
  • Minutes
  • Seconds
Interested people
There are no interested users.
Start date 2025-11-29 - 10:00
End date 2025-11-29 - 12:00
  • Description

    සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ සුභාශිනී චතුරිකාගේ 'පියැසි කවුළුව' කෘතිය පිළිබඳ සහෘද කතාබහටයි.
    නොවැම්බර් 29 වෙනි සෙනසුරාදා උදේ 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.
    තැන හරියටම බලාගන්න මේ Google Map යොමුවෙන්: https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7
    මෙම කෘතිය පිළිබඳ කතාබහේදී මහින්ද සෙනරත් ගමගේ, පැතුම් පුංචිහේවා සහ සඳුන් ප්‍රියංකර විතානගේ ප්‍රධාන අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීමට නියමිතයි.
    මෙවර පැවැත්වෙන 89 වැනි සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ භූෂන් ප්‍රදීප් කණ්ඩම්බි විසින්.
    විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහිදී 'පියැසි කවුළුව' කෘතිය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට පුළුවන්.
    'පියැසි කවුළුව' කෘතිය කියවූ නොකියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන ලෙස ආදරයෙන් ඇරයුම් කරනවා!
    එදිනට විශේෂ වට්ටමක් සහිතව 'පියැසි කවුළුව' කෘතිය මිලදී ගන්නත් ඔබට හැකියි.
    එහෙනම්, නොවැම්බර් 29 වැනි සෙනසුරාදා හමුවෙමු.
    The Asian Review Sinhala සංවිධානය කරන ‘සෙනසුරාදා ලේඛක-පාඨක හමුව’ ට සහභාගී වෙන්න ඔබෙන් කිසිදු මුදලක් අයකරන්නේ නෑ.
    එය සම්පූර්ණයෙන්ම ඔබ වෙනුවෙන්මයි!