ඇමසන්: පෘථිවියේ ජීවයේ හද ගැස්ම

Comments · 51 Views

ඇමසන් වනාන්තරය පිළිබඳව කියවන විට එය හරියටම වෙනත් ග්‍රහලෝකයක් වැනිය. සොබාදහමේ අතිශය සුන්දරත්වයත්, ඒ හා සමානම මාරාන්තික භයානකකමත් එකට මුසු වූ අපූරු පාරිසරික පද්ධතියකි.

ඇමසන් වනාන්තරය කියන්නේ හුදෙක් ගස් කොළන් පිරිණු තැනක් නෙවෙයි; එය පෘථිවියේ පැවැත්ම තීරණය කරන "ජීවමාන යන්ත්‍රයක්".

1. හිරු එළියට තහනම් කලාප

ඇමසන් වනාන්තරයේ ගස්වල වියන (Canopy) කෙතරම් ඝනකම්ද යත්, වනාන්තරයේ පොළොවට හිරු එළිය පතිත වන්නේ 1% ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක්. ඔබ ඇමසන් වනාන්තරයේ පොළොව මතුපිට සිටින විට තද වැස්සක් වැටුණහොත්, එම වැහි බිංදු පොළොවට ළඟා වීමට විනාඩි 10ක් පමණ ගත වෙනවා. ඒ තරමටම ගස් සහ කොළ තට්ටු එකිනෙකට තදින් බැඳී පවතිනවා.

2. අද්භූත "උතුරන ගඟ" (The Boiling River)

ඇමසන් වනාන්තරයේ ගැඹුරු ප්‍රදේශයක "ෂනායි-ටිම්පිෂ්කා" නමින් හඳුන්වන ගංගාවක් තියෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙහි ජලය අංශක 90°C ට වඩා රත් වීමයි. මෙය ගිනිකන්දක් අසල පිහිටා නැති වීම විශේෂත්වයක්. මේ ගඟට වැටෙන ඕනෑම සතෙක් ක්ෂණිකව තැම්බී මිය යනවා.

3. සාගරයට වඩා විශාල ගංගාව

ඇමසන් ගංගාව කොතරම් විශාලද යත්, එය තත්පරයකට ජලය ලීටර් මිලියන 200ක් සාගරයට මුදා හරිනවා. ලෝකයේ ගංගාවලින් මුහුදට එකතු වන මුළු මිරිදිය ප්‍රමාණයෙන් 20% ක්ම ලැබෙන්නේ මේ ගංගාවෙන්. ඇතැම් ස්ථානවලදී ගඟේ එක් ඉවුරක සිට අනෙක් ඉවුර දෙස බැලූ විට පෙනෙන්නේ සාගරයක් වගෙයි.

4. ඖෂධවල රජදහන

අපි අද භාවිතා කරන බොහෝ බටහිර ඖෂධවල මූලාරම්භය තිබෙන්නේ ඇමසන් ශාක තුළයි. නමුත් පුදුමයට කරුණ නම්, එහි ඇති ශාක විශේෂවලින් අපි පරීක්ෂා කර තිබෙන්නේ 1% කටත් වඩා අඩු ප්‍රමාණයක් වීමයි. පිළිකා සහ තවත් බොහෝ රෝගවලට රහස් ඖෂධ තවමත් මේ වනාන්තරය තුළ සැඟවී තිබිය හැකියි.

5. දූවිලි වලින් ලැබෙන පෝෂණය

මෙහි ඇති තවත් විශ්මයජනක කරුණක් වන්නේ, දකුණු ඇමරිකාවේ පිහිටි ඇමසන් වනාන්තරයට අවශ්‍ය පොහොර (පොස්පරස්) ලැබෙන්නේ සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි අප්‍රිකාවේ සහරා කාන්තාරයෙන් වීමයි. සහරා කාන්තාරයේ සිට සුළඟින් එන දූවිලි අංශු අත්ලාන්තික් සාගරය හරහා පියාඹා ඇවිත් ඇමසන් වනාන්තරය පෝෂණය කරනවා.

Comments