ගංගාවේ සංගීතය -එච්.එම්.කුඩලිගම-
කඳු බෑවුමක දං බෝවිටි පඳුරු තළා
පහළට ඇදී පරමල් පෙති ඉවත නොළා
කලදෝ දියෙන් පුරවා රන් පුලින තලා
සංගීතවත් වී යමි ඉදිරියට ගලා
සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
කවදා කොතනකදී හෝ මහ මුහුදු හිමී
හමුවුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි
එන්නේ කොහි සිටද- කොතැනකටද යන්නේ
ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ
මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ
කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ
මී අඹ - කිරල - මාදම් ගෙඩි ළදරු වියේ
ඇකයෙහි හෙළා හඬවයි සැඬ සුළඟ රැයේ
සුළි මැද කැරැකෙමින් ඉඳුනිල් ගැඹුරු දියේ
සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ
හිරිමල් සිනා රැළි පෙණ පිඬු මිහිරිතම
ගල් පරවලම හැපි හැපි බිහිකරමි මම
සම තැනිතලාවල හමුවෙයි අලසකම
නිරසයි අතරමග අවහිර නොදුටු බිම
මිනිසුන් ඉවුරුවල යන එන අඩි සද්දෙන්
ළය යට සසල බව මින් මතු නොනැගෙද්දෙන්
කෙකටිය ඕලු නළියන දිය රැළි මැද්දෙන්
මල් පෙති වියළි කොළ එන අතකට එද්දෙන්
මෙම කවියෙහි කවිපද වලින් සඟවා ඇති ලොවක් විදහා දක්වයි. කඳු, දිය, මල්, සුළඟ, මුහුදු වැනි ස්වභාවික තතු සහිත වාතාවරණයක් තුළ කවිමානයක් නිසලව ගමන් කරයි. එහි ජීවිතය සරල, නිසල සහ සෘජු බවෙන් පිරී ඇත. කවියේ පද රටාවෙන් පෙන්වෙන්නේ:
ස්වභාවයේ සුන්දරත්වය, දිය හා මල්, සුළඟ, සංගීතමය දෘශ්‍ය.
කවියේ මනුෂ්‍ය සම්බන්ධතා සමානීකරණය: යන-එන මිනිසුන්, සම්බන්ධතා හා බර දැනීම.
කවිමානයගේ නිශ්චල, නිසල, අලස හැඟීම් සහ සංවේදී වටපිටාව.
ස්වභාවයේ සරල සතුට හා පාරිසරික අලංකාරය මනාව විස්තර කරයි.
Thara Fernando 2 w
great