මමියක් යනු ?
බොහොමයක් දෙනා විශ්වාසයක ඉන්නවා මමියක් කියන්නෙ බෙහෙත් ද්‍රව්‍ය මගින් වියළා රෙදි වලින් එතූ සිරුරක් කියලා. නමුත් මමියක් කියන්නෙ ඒ ආකාරයට සංරක්ෂණය කළ සිරුරක්ම නොවෙයි.ඇතැම් විට දක්නට ලැබෙන සාධක වලට අනුව මමියක් යනු බෙහෙත් ද්‍රව්‍ය මගින් ශරීරය වියලා රෙදි වලින් ඔතන ලද සිරුරක් ලෙසින් අර්ථකථනය කළ හැකි වුවද එය පිළිබඳව පැහැදිලිව සොයා බැලීමේදී සංකීර්ණ ක්‍රියාවලීන් රැසක ප්‍රතිඵලයක් ලෙසින් හදුනාගත හැකිය . නමුත් මළසිරුරක් මමියක් යනුවෙන් හැදින්වීමට නම් එම සිරුරෙහි සමත්, අභ්‍යන්තර ඓන්ද්‍රීය කොටසුත් රසායනික ද්‍රව්‍ය, අධික ශීතල සහ අඩු ආර්ද්‍රතාවයක් සහිත , සුළං නොවදින පරිසරයක සංරක්ෂණය වී පැවතිය යුතුය.
අතීත ඊජිප්තු වැසියන්ගේ විශ්වාසය වූයේ මළ මිනිසා නැවත මරණයෙන් නැගි සිටින බවයි.ඒ් සදහා ඔවුන්ට සිරුර ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය කාර්යයක් විය.මේ නිසා මුල් කාලීනව මිනිය වැල්ලේ වලලා ඇත.උණුසුමට එය ආරක්ෂා වූ නමුදු සතුන් ආහාරයට ගත් හෙයින් එය සාර්ථක වී නොමැත.ඉන්පසු පෙට්ටි වල තැන්පත් කර වැළලුව ද උණුසුමට මිනිය කුණු වී ඇත.මෙයට පිළියමක් වශයෙන් මමීකරණය සොයාගෙන ඇත.ඒ් අනුව මිනිය ආරක්ෂා කර ගැනීමට අභ්‍යන්තර කොටස් ඉවත් කොට මිනිය ඖෂධ ගල්වා තැන්පත් කරන ලදී.ඒහෙත් හදවත පමණක් ඉතිරි කරන ලදී.ඊට හේතුව හදවතෙහි ප්‍රාණය ඉතිරිව ඇති බව විශ්වාස කිරීමයි.
මමි බොහෝ විට පිරමීඩ තුල තැන්පත් කල අතර පිරමීඩ තාක්ෂණය ද ඊජිප්තු ශිෂ්ටාචාරයට අනන්‍ය වූවකි.යම් කිසි තැනැත්තෙකු මිය ගිය පසුව බෙහෙත් ගල්වා මමිය සකස් කොට එය එම තැනැත්තා ජීවත්ව සිටියදී භාවිතා කරන ලද සියළුම ද්‍රව්‍ය ද සමග පිරමීඩයෙහි තැන්පත් කරයි.
මමිකරණය සිදුකරන අයුරු
සිරුරක් embalm කරන්න දින 70 ක් පමණ ගතවූ බව පවසනවා. පුද්ගලයෙකු මියගිය සැනින්ම දේහය embalm වැඩපොලකට (an embalming workshop) එහෙමත් නැත්නම් Ibu (Place of Purification) ලෙස හැදින්වූ තැනට රැගෙන ගිය බව මුලින්ම කියන්න ඕන. එතනදී මේ ක්‍රියාවට සම්බන්ධ විශේෂඥයන් විසින් සිරුර මුලින්ම Palm Wine වලින්ද දෙවනුව නයිල් ගගේ ජලයෙන්ද හොදින් සෝදා හිසකෙස් සහ රැවුල හැරෙන්න අනෙකුත් සිරුරේ රෝම ඉවත් කරල තියෙනවා.
ඉන්පසු සිරුරේ වම් පස කරන ලද කැපුමකින් ශරීර අභ්‍යන්තර අවයව ඉවත් කිරීම සිදුකිරීම කර තිබෙන අතරම සමහර අවස්ථාවල හෘදය ඉවත්කලද සමහර අවස්ථාවල හෘදය ඉවත් නොකිරීමද විශේෂත්වයක්. ඔවුන් හිතල තියෙනවා යමෙකුගේ ආත්මය රැදී සිටින්නේ හදවතේ බවත්, දෙවියන් හමුවට ගොස් පරීත්‍ෂාවට ලක්වීමේදී එය අත්‍යාවශ්‍ය බවටත්.