9️⃣ ඔබේ වෙළඳසැලේ Layout එක හොඳින් සැලසුම් කරන්නේ කොහොමද?
👉🏻 ඔබේ Shop එකට පාරිභෝගිකයෙක් කෙනෙක් ඇතුළු වෙන පළමු තත්පර කිහිපය ගොඩක් වැදගත්.
▪️ ඔහු මුලින්ම දකින්නේ මොනවාද?
▪️ Signboard එකද? Product Display එකද? Lighting එකද?
👉🏻 නැත්නම් Shop එක ඇතුළට ආපු ගමන්ම,
“අනේ… මෙතන නම් හරිම අවුල්!”
කියලා ආපහු හැරෙයිද?
👉🏻 ඒ නිසා Shop එකේ Layout සහ Design කියන්නේ ලස්සනට තියෙන එක විතරක් නෙවෙයි. ඒක පාරිභෝගිකයන්ට ඔබේ Business එක ගැන පළමු හැඟීම ලබාදෙන වැදගත්ම දෙයක්.
👀 පාරිභෝගිකයාගේ ඇස්වලින් Shop එක බලන්න
👉🏻 ඔබ Shop එකේ Owner කෙනෙක් විදිහට බලනවාට වඩා, Customer කෙනෙක් විදිහට බලන්න.
▪️ Shop එකට ඇතුළු වුණාම මුලින්ම මොනවාද පේන්නේ?
▪️ භාණ්ඩ හොයාගන්න ලේසිද?
▪️ ඇවිදින්න ඉඩ තියෙනවාද?
▪️ මිල ගණන් පැහැදිලිව පේනවාද?
▪️ Products ලස්සනට Display කරලා තියෙනවාද?
▪️Checkout එක හොයාගන්න පුළුවන්ද?
මේ ප්‍රශ්නවලට පාරිභෝගිකයාට පහසු පිළිතුරක් ලැබෙන විදිහට Layout එක සකස් කරන්න.
🎨 Shop එකේ Design එකෙන් ඔබේ Brand එක කතා කරන්න
👉🏻 පාරිභෝගිකයෙක් Shop එකට ඇතුළු වුණාම, “මේක මොන වගේ Business එකක්ද?” කියලා ඔහුට ඉක්මනින්ම තේරෙන්න ඕන. ඒ නිසා ඔබේ,
🪧 Signboard
💡 Lighting
🖼️ Displays
🛍️ Product arrangement
🎨 වර්ණ
🪑 Furniture
🧹 පිරිසිදුකම
වගේ හැම දෙයක්ම එකම Brand Image එකක් ලබාදෙන විදිහට සකස් කරන්න.
👉🏻 උදාහරණයක් විදිහට, Premium Clothing Store එකක Design එකත් සාමාන්‍ය Discount Shop එකක Design එකත් එක වගේ වෙන්න ඕන නැහැ. ඔබේ Brand එකේ වටිනාකම පාරිභෝගිකයාට දැනෙන්න ඕන Shop එක ඇතුළට එන මොහොතේම.
💡 Lighting එක ගැන අමතක කරන්න එපා
👉🏻 හොඳ Lighting එකකට Shop එකේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. අඳුරු Shop එකක් පාරිභෝගිකයාට අපහසු හැඟීමක් ලබාදෙන්න පුළුවන්. ඒ වෙනුවට,
▪️ පිරිසිදු, ප්‍රමාණවත් සහ Products highlight කරන Lighting එකක් භාවිතා කරන්න.
👉🏻 විශේෂයෙන් ඔබට පාරිභෝගිකයාගේ අවධානය යොමු කරන්න අවශ්‍ය Products තියෙනවා නම්, ඒවා හොඳින් පෙනෙන විදිහට Lighting සහ Display එක සැලසුම් කරන්න.
🛒 Products හැම එකම එකවර පෙන්වන්න එපා
👉🏻 Shop එකකට ගියාම හැම පැත්තකම Products ගොඩක් තියෙනවා නම් පාරිභෝගිකයාට තේරෙන්නේ නැහැ මොනවා බලන්නද කියලා. ඒ නිසා Products Category අනුව හෝ පාරිභෝගිකයාට පහසුවෙන් තේරෙන ආකාරයට Arrange කරන්න. උදාහරණයක් විදිහට,
📍 New Arrivals → Best Sellers → Special Offers → Regular Products
වගේ ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. ඒකෙන් පාරිභෝගිකයාට තීරණයක් ගන්න පහසු වෙනවා.
🍎 Supermarket එකක Fruits ඉස්සරහ තියෙන්නේ ඇයි?
👉🏻 ඔබ Supermarket එකකට ගියාම ඇතුළටම ගිය ගමන් Toilet Cleaner එකක් දකිනවාද? බොහෝවිට නැහැ. ඒ වෙනුවට ලස්සනට සකස් කරපු පලතුරු සහ එළවළු වගේ දේවල් මුලින්ම දකින්න ලැබෙනවා. ඒක අහම්බයක් නෙවෙයි. Shop එකේ මුල් කොටස පාරිභෝගිකයාගේ මනෝභාවයට බලපානවා.
👉🏻 ඒ නිසා ඔබේ Shop එකට ඇතුළු වන විට පාරිභෝගිකයාට හොඳ පළමු අත්දැකීමක් ලැබෙන විදිහට Entrance Area එක සැලසුම් කරන්න.
👃 පාරිභෝගිකයාගේ ඉන්ද්රියයන් ගැනත් හිතන්න
👉🏻 හොඳ Shop Design එකක් කියන්නේ ඇස්වලට ලස්සන දෙයක් විතරක් නෙවෙයි. පාරිභෝගිකයාගේ අත්දැකීම ඉන්ද්රියයන් කිහිපයක් හරහාම ගොඩනැගෙන්න පුළුවන්.
👀 දෘශ්‍යය
▪️ ලස්සන Displays, Colors සහ Lighting.
👂 ශබ්දය
▪️ Business එකට ගැළපෙන Music එකක්.
👃 සුවඳ
▪️ විශේෂයෙන් Café, Restaurant, Clothing Store වැනි ස්ථානවල සුදුසු සුවඳක්.
✋ ස්පර්ශය
▪️ පාරිභෝගිකයාට Products පහසුවෙන් බලන්න සහ අත්හදා බලන්න අවස්ථාව ලබාදීම.
මේ හැම දෙයක්ම පාරිභෝගිකයාගේ Mood එකට සහ Buying Decision එකට බලපාන්න පුළුවන්.
💰 ලස්සනට වඩා වැදගත් දෙයක් තියෙනවා
👉🏻 Shop එක ලස්සන කරන එක විතරක් ප්‍රමාණවත් නැහැ. Design එක Sales වැඩි කරන්නත් උදව් වෙන්න ඕන.
▪️ පාරිභෝගිකයාට පහසුවෙන් Products හොයාගන්න පුළුවන් වෙන්න ඕන.
▪️ Best-selling Products හොඳින් පෙනෙන්න ඕන.
▪️ Special Offers අවධානයට ලක්වෙන්න ඕන.
▪️ Checkout එකට යන ගමන පහසු වෙන්න ඕන.
ඒ කියන්නේ,
📍 “ලස්සන Shop එකක්” වෙනුවට “ලස්සනත්, පාරිභෝගික හිතකාමී (Customer-friendly) වගේම Sales වලටත් උදව් කරන Shop එකක් හදන්න.
⭐ අවසානයේ මතක තබාගන්න
👉🏻 Shop එකේ Layout එක කියන්නේ මේස, රාක්ක සහ Products තියන තැන් තීරණය කරන එක විතරක් නෙවෙයි. එය පාරිභෝගිකයාගේ මුළු අත්දැකීමම සැලසුම් කිරීමක්.
👉🏻 ඒ නිසා Shop එක Design කරනකොට මේ ප්‍රශ්න 5 අහන්න:
1. පාරිභෝගිකයා ඇතුළු වුණාම මුලින්ම දකින්නේ මොකක්ද?
2. Products හොයාගන්න පහසුද?
3. Shop එකේ Design එක මගේ Brand එක නියෝජනය කරනවාද?
4. පාරිභෝගිකයාට මෙතන ඉන්න පහසුද?
5. මේ Layout එක Sales වැඩි කිරීමට උදව් කරනවාද?
👉🏻 පාරිභෝගිකයා Shop එකට ඇතුළු වෙන මොහොතේ සිට පිටව යන මොහොත දක්වා ඔහුගේ ගමන ගැන සිතන්න.
📍 හොඳ Layout එකක් පාරිභෝගිකයාට “මේ Shop එක හොඳයි” කියලා දැනෙන්න සලස්වනවා.
📍 හොඳම Layout එක පාරිභෝගිකයාට “මට මේක ගන්න ඕන” කියලා හිතෙන්නත් උදව් කරනවා.
ඊළඟ කොටසින් හමුවෙමු.
