8️⃣ ඔබේ ව්‍යාපාරයට හොඳම ස්ථානය තෝරාගන්නේ කොහොමද?
👉🏻 ව්‍යාපාරයක් ආරම්භ කරනකොට අපිට මතක් වෙන ජනප්‍රිය කියමනක් තියෙනවා.
“Location, Location, Location!”
ඒ කියන්නේ ව්‍යාපාරයක සාර්ථකත්වයට ස්ථානය ඉතා වැදගත් කියන එකයි.
👉🏻 හොඳ නිෂ්පාදනයක් තිබුණත්, හොඳ සේවාවක් තිබුණත්, පාරිභෝගිකයන්ට ඔබේ ව්‍යාපාරයට ළඟාවෙන්න අමාරු නම් ව්‍යාපාරය සාර්ථක කරගන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් මෙහිදී මතක තබාගන්න වැදගත් දෙයක් තියෙනවා.
▪️ හැම ව්‍යාපාරයකටම “හොඳම” එකම ස්ථානයක් නැහැ. ඔබේ ව්‍යාපාරයට, ඔබේ ගනුදෙනුකරුවන්ට සහ ඔබේ Budget එකට ගැළපෙන නිවැරදි ස්ථානය තමයි හොඳම ස්ථානය.
👥 මුලින්ම ඔබේ පාරිභෝගිකයන් කවුද කියලා හඳුනාගන්න
👉🏻 ස්ථානයක් තෝරන්න කලින් “මගේ ගනුදෙනුකරුවන් කවුද?” කියන ප්‍රශ්නයට පිළිතුර සොයාගන්න.
▪️ ඔවුන් කොහෙද ජීවත් වෙන්නේ?
▪️ කොහෙද රැකියාව කරන්නේ?
▪️ ඔවුන් වැඩිපුර ගමන් කරන්නේ කොහෙද?
▪️ ඔවුන් නිදහස් වෙලාවේ යන්නේ කොහෙද?
▪️ ඔවුන් සාමාන්‍යයෙන් සාප්පු යන්නේ කුමන වේලාවටද?
මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණාම ඔබේ ව්‍යාපාරයට සුදුසු ස්ථානය තෝරාගැනීම ගොඩක් පහසු වෙනවා.
👉🏻 උදාහරණයක් විදිහට,
▪️ Office workers ඔබේ ප්‍රධාන ගනුදෙනුකරුවන් නම්, කාර්යාල වැඩි ප්‍රදේශයක් සුදුසු වෙන්න පුළුවන්.
▪️ පාසල් සිසුන් ඔබේ target market එක නම්, පාසල් ආසන්න ප්‍රදේශයක් වඩාත් සුදුසු වෙන්න පුළුවන්.
▪️ Tourists ඉලක්ක කරන ව්‍යාපාරයක් නම්, සංචාරකයන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ ගැන සලකා බලන්න පුළුවන්.
පාරිභෝගිකයන් කොහෙද ඉන්නේ කියලා දැනගත්තොත්, Business Location එක කොහෙද වෙන්න ඕන කියලා තීරණය කරන්න ලේසියි.
🚶 Foot Traffic සහ Accessibility ගැන බලන්න
👉🏻 විශේෂයෙන් Retail Shop, Café, Restaurant වැනි ව්‍යාපාර සඳහා මිනිසුන් ගමන් කරන ප්‍රමාණය ඉතා වැදගත්.
▪️ දවසකට කොපමණ පිරිසක් මේ ස්ථානය හරහා ගමන් කරනවාද?
▪️ ඔවුන් ඔබේ target customers ද?
▪️ ඔවුන්ට සාප්පුවට ඇතුළු වෙන්න පහසුද?
▪️ වාහනයකින් එන කෙනෙකුට නවත්වන්න පුළුවන්ද?
▪️ Public Transport වලින් එන්න පහසුද?
මේ දේවල් සලකා බලන්න. නගර ප්‍රදේශයක නම් Busy Road එකක්, Bus Stop එකක් හෝ Railway Station එකක් ආසන්න වීම වැදගත් වෙන්න පුළුවන්. නමුත් කුඩා නගරයකදී වාහන ගමනාගමනය සහ Parking පහසුකම් වඩා වැදගත් වෙන්න පුළුවන්.
🚗 Parking එක අමතක කරන්න එපා!
👉🏻 පාරිභෝගිකයෙක් ඔබේ සාප්පුව දැකලා,
📍 “අනේ මෙතන Park කරන්න තැනක් නැහැනේ. වෙන තැනකට යමු.” කියලා ගියොත්? ඔබට customer (පාරිභෝගිකයන්) නැති වෙනවා. ඒ නිසා ස්ථානයක් බලනකොට,
▪️ Parking තියෙනවාද?
▪️ ප්‍රධාන පාරෙන් පහසුවෙන් ඇතුළු වෙන්න පුළුවන්ද?
▪️ වැඩිහිටියන්ට සහ ළමයින්ට පහසුවෙන් පැමිණිය හැකිද?
▪️ Public Transport පහසුද?
වැනි කරුණුත් බලන්න.
🏢 Location එක තෝරද්දී තවත් දේවල් බලන්න
👉🏻 ස්ථානයක් ලස්සනයි කියලා විතරක් තෝරාගන්න එපා. මේ කරුණු ගැනත් සොයා බලන්න:
📋 Zoning සහ නීතිමය අවශ්‍යතා
👷 ප්‍රදේශයේ සේවකයන් සොයාගැනීමේ පහසුව
🚚 Suppliers ලාට ළඟාවීමේ පහසුව
🚗 Parking සහ ප්‍රවාහන පහසුකම්
👥 Target Customers සිටින ප්‍රමාණය
🏪 තරගකරුවන්ගේ ස්ථාන
🏷️ ඔබේ Brand Image එකට ස්ථානය ගැළපෙනවාද?
💰 කුලිය සහ අනෙකුත් වියදම්
📝 “මට අනිවාර්යයෙන්ම ඕනේ මොනවාද?” කියලා ලියන්න
👉🏻 Business Location එකක් හොයන්න ගියාම එක එක තැන් දැකලා අපිට අදහස් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා කලින්ම Priority List එකක් හදාගන්න. උදාහරණයක්:
🔴 අනිවාර්යයි
▪️ Target customers ළඟ සිටීම
▪️ Parking
▪️ ප්‍රමාණවත් ඉඩ
▪️ සාධාරණ කුලිය
🟡 තිබුණොත් හොඳයි
▪️ Main Road එකට මුහුණලා තිබීම
▪️ විශාල Signboard එකක් දැමීමට ඉඩ
▪️ Public Transport පහසුකම්
මේ විදිහට ලැයිස්තුවක් හදාගත්තොත් තීරණයක් ගැනීම පහසු වෙනවා. හැමදේම එකවර ලබාගන්න උත්සාහ කරන්න එපා.
👉🏻 සමහර වෙලාවට ටිකක් අඩුපාඩු තියෙන ස්ථානයක්, නිවැරදි Marketing සහ නිර්මාණශීලී අදහස් එක්ක ඔබේ ව්‍යාපාරයට හොඳම ස්ථානය බවට පත් කරන්න පුළුවන්.
💰 Commercial Rent එක හරියට ගණනය කරන්න
👉🏻 ව්‍යාපාරික ස්ථානයක් කුලියට ගන්න කලින් මාසික කුලිය විතරක් බලන්න එපා. සමහර Commercial Properties වල කුලිය වර්ග අඩියකට වසරකට ලෙස සඳහන් කරනවා. උදාහරණයක් විදිහට,
▪️ ඔබට 2,500 sq. ft. ස්ථානයක් අවශ්‍යයි කියලා හිතමු.
🔸වර්ග අඩියකට වසරකට කුලිය රු. 5,000 නම්,
🔸 2,500 × රු. 5,000 = රු. 12,500,000 වසරකට.
ඒ අනුව,
🔸 රු. 12,500,000 ÷ 12 = රු. 1,041,667 පමණ මාසික කුලිය.
ඒ නිසා Lease එකකට අත්සන් කිරීමට කලින් සම්පූර්ණ වියදම හොඳින් ගණනය කරන්න.
⚠️ Lease එකකට ඉක්මනින් අත්සන් කරන්න එපා
👉🏻 Commercial Lease එකක් කියන්නේ සමහරවිට අවුරුදු කිහිපයකට ඔබව බැඳ තබන ගිවිසුමක්. ඒ නිසා, “තැන ලස්සනයි. අදම අත්සන් කරමු!” කියලා ඉක්මනින් තීරණය කරන්න එපා. මුලින්ම ඔබේ Business Idea එක test කරන්න.
🧪 Business Idea එක කලින් Test කරන්න
👉🏻 විශාල මුදලක් වියදම් කරලා Shop එකක් අරගෙන පස්සේ පාරිභෝගිකයන් එනවාද කියලා බලනවාට වඩා, පුළුවන් නම් කලින්ම Market එක test කරන්න. උදාහරණයක් විදිහට:
▪️ Online හරහා භාණ්ඩ විකුණලා බලන්න.
▪️ Pop-up stall එකක් පවත්වා බලන්න.
▪️ කුඩා ප්‍රමාණයකින් සේවාව ලබාදී Customer feedback ගන්න.
එවිට ඔබේ භාණ්ඩයට හෝ සේවාවට ඇත්තටම ඉල්ලුමක් තියෙනවාද කියලා තේරුම්ගන්න පුළුවන්. සමහරවිට ඔබ හිතපු විශාල Shop එකක් අවශ්‍යම නැති වෙන්න පුළුවන්.
🔍 තරගකරුවන් ගැනත් සොයා බලන්න
👉🏻 ඔබට කැමති ප්‍රදේශයක දැනටමත් තියෙන ව්‍යාපාර බලන්න.
▪️ ඔවුන්ට දවසකට කොපමණ පාරිභෝගිකයන් එනවාද?
▪️ ඔවුන් විකුණන්නේ මොනවාද?
▪️ මිල ගණන් කොහොමද?
▪️ ඔවුන් Marketing කරන්නේ කොහොමද?
▪️ ඔවුන්ගේ පාරිභෝගිකයන් කවුද?
▪️ ඔවුන්ට තියෙන හොඳ පැති මොනවාද?
▪️ දුර්වල පැති මොනවාද?
මේ තොරතුරු ඔබට ඔබේම ව්‍යාපාරය සඳහා හොඳ තීරණයක් ගැනීමට උපකාරී වෙනවා.
⭐ අවසානයේ මතක තබාගන්න,
📍 හොඳ Location එකක් කියන්නේ මිනිස්සු වැඩිපුර යන තැනක් විතරක් නෙවෙයි. එය,
👉🏻 ඔබේ පාරිභෝගිකයන් සිටින තැන + ඔවුන්ට පහසුවෙන් ළඟාවිය හැකි තැන + ඔබේ Budget එකට ගැළපෙන තැන + ඔබේ ව්‍යාපාරයට සුදුසු තැන
යන කරුණු සියල්ල එකට ගැළපෙන ස්ථානයක්. ඒ නිසා Business Location එකක් තෝරාගන්න කලින්,
👉🏻 පාරිභෝගිකයන් හඳුනාගන්න → ප්‍රදේශය පරීක්ෂා කරන්න → Foot Traffic බලන්න → Parking සහ Accessibility බලන්න → තරගකරුවන් අධ්‍යයනය කරන්න → සම්පූර්ණ වියදම ගණනය කරන්න → ඉන්පසු තීරණය කරන්න.
🖊️ “හොඳම Location එක” සොයනවාට වඩා,
🖊️ “මගේ Business එකට හොඳම Location එක” සොයන්න.
📍 නිවැරදි ස්ථානය ඔබේ ව්‍යාපාරයට පාරිභෝගිකයන් ගෙන එන්න පුළුවන්. වැරදි ස්ථානය හොඳ ව්‍යාපාර අදහසක් වුණත් අමාරුවේ දාන්න පුළුවන්.
ඊළඟ කොටසින් හමුවෙමු.
