2️⃣ ව්‍යාපාර සැලැස්මක් සකස් කරන්නේ කොහොමද?
තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න බොහෝ දෙනෙක් සිහින දකිනවා. නමුත් “මොනවා කරන්නද?” කියන ප්‍රශ්නයට වඩා වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි “මේ අදහස සැබෑ ව්‍යාපාරයක් බවට පත් කරන්නේ කොහොමද? ”ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ පැහැදිලි *ව්‍යාපාර සැලැස්මක් (Business Plan)* .
මුලින්ම තීරණය කරන්න — ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් කුඩා ව්‍යාපාරයකට පිවිසීමට ප්‍රධාන මාර්ග තුනක් තිබෙනවා.
1. ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම - ඔබේම අදහසක් මත, ඔබට අවශ්‍ය ආකාරයට ව්‍යාපාරයක් ගොඩනගා ගැනීම. මෙහිදී අවදානම තරමක් වැඩි වුණත්, ව්‍යාපාරයේ සම්පූර්ණ පාලනය ඔබට තිබෙනවා.
2. දැනට පවතින ව්‍යාපාරයක් මිලදී ගැනීම - දැනටමත් ගනුදෙනුකරුවන්, සේවකයන්, සැපයුම්කරුවන් සහ වෙළඳ නාමයක් තිබෙන ව්‍යාපාරයක් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් එවැනි ව්‍යාපාරයක් මිලදී ගැනීමට පෙර ගැඹුරු පරීක්ෂාවක් (Due Diligence) කළ යුතුයි. ව්‍යාපාරයේ ආදායම්, වියදම්, ණය, ගබඩා තොග, ගනුදෙනුකරුවන් සහ සැබෑ ලාභය පිළිබඳ තොරතුරු හොඳින් පරීක්ෂා කිරීම අත්‍යවශ්‍යයි. අවශ්‍ය නම් ගණකාධිකාරීවරයෙකුගේ සහ නීතිඥවරයෙකුගේ සහය ලබා ගැනීම වඩාත් ආරක්ෂිතයි.
3. Franchise ව්‍යාපාරයකට සම්බන්ධ වීම - දැනටමත් සාර්ථකව ක්‍රියාත්මක වන ව්‍යාපාර ආකෘතියක් යටතේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම තවත් විකල්පයක්. මෙහිදී වෙළඳ නාමය, පුහුණුව, ව්‍යාපාරික උපදෙස් සහ ක්‍රියාකාරී ක්‍රමවේද වැනි සහය ලැබිය හැකියි. නමුත් ඒ වෙනුවෙන් Franchise ගාස්තු සහ අඛණ්ඩ ගෙවීම් කිරීමට සිදුවිය හැකියි.
* ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ වාසිය
අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීම අනෙක් ක්‍රමවලට වඩා අවදානම් විය හැකියි. නමුත් එහි විශේෂ වාසියක් තිබෙනවා.*ඔබට ඔබේම අදහසකට අනුව ව්‍යාපාරය ගොඩනගා ගත හැකියි.* ඔබේම නමක්, ඔබේම නිෂ්පාදනයක්, ඔබේම සේවාවක් සහ ඔබේම ව්‍යාපාරික දැක්මක් නිර්මාණය කළ හැකියි. ඒ නිසාම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර හොඳ සැලැස්මක් තිබීම ඉතා වැදගත්.
_Business Plan එකක් කියන්නේ මොකක්ද?
සරලව කියනවා නම්, *Business Plan එක කියන්නේ ඔබේ ව්‍යාපාරය කොහෙන් පටන්ගෙන කොහෙටද යන්නේ කියලා පෙන්වන මාර්ග සිතියමක්.*
* ඔබ විකුණන්නේ මොනවාද?
* ඔබේ ගනුදෙනුකරුවන් කවුද?
* ඔබට කොපමණ මුදලක් අවශ්‍යද?
* ඔබේ වියදම් කොපමණද?
* භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා කොපමණ මිලක් අය කළ යුතුද?
* මාසයකට කොපමණ විකුණුම් කළ යුතුද?
* තරගකරුවන්ගෙන් ඔබ වෙනස් වන්නේ කොහොමද?
මේ වගේ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු Business Plan එකක් හරහා සොයාගන්න පුළුවන්.
Business Plan එකේ වැදගත්ම දේ කඩදාසිය නෙවෙයි. Business Plan එකක් සකස් කරන විට ලස්සන වාර්තාවක්, charts සහ numbers තිබීම හොඳයි. නමුත් ඒ සියල්ලට වඩා වැදගත් වන්නේ *සැලැස්ම සකස් කරන ක්‍රියාවලියයි.*
උදාහරණයක් ලෙස,
“ව්‍යාපාරය ආරම්භ කරලා අවුරුදු 5කට පස්සේ මගේ ආදායම කොපමණ වේවිද?”
කියලා අද ඔබගෙන් ඇහුවොත්, ඒකට නිවැරදි පිළිතුරක් දෙන්න අපහසුයි.
ඒක සාමාන්‍යයි.
නමුත් එවැනි ප්‍රශ්න ගැන අදම සිතීමෙන් ඔබට ඔබේ ඉලක්ක පැහැදිලි කරගන්න පුළුවන්.
*ඉලක්කයක් තිබීම පමණක් ප්‍රමාණවත් නැහැ. එය ළඟා කරගන්නා ආකාරයත් දැනගත යුතුයි.*
ඔබේ ව්‍යාපාරය ලාභදායී වේද? - ව්‍යාපාර අදහසක් තිබුණා කියලා එය අනිවාර්යයෙන්ම ලාභදායී ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මුලින්ම වියදම් ගැන සොයා බලන්න.
* අමුද්‍රව්‍ය සඳහා කොපමණ මුදලක් යනවාද?
* නිෂ්පාදනය සඳහා කොපමණ වියදමක් යනවාද?
* කුලිය කොපමණද?
* සේවක වැටුප් කොපමණද?
* උපකරණ සඳහා කොපමණ මුදලක් අවශ්‍යද?
* බලපත්‍ර සහ අනෙකුත් නීතිමය වියදම් කොපමණද?
* ප්‍රචාරණය සඳහා කොපමණ මුදලක් වෙන් කළ යුතුද?
මේ සියල්ල ගණනය කළ පසු ඔබට වැදගත් ප්‍රශ්නයකට පිළිතුර සොයාගන්න පුළුවන්.
*“මේ ව්‍යාපාරයෙන් මට ඇත්තටම ලාභයක් උපයාගන්න පුළුවන්ද?”*
_ තරගකරුවන්ගෙන් ඔබ වෙනස් වන්නේ කොහොමද? * ඔබේ ප්‍රදේශයේ ඔබට සමාන භාණ්ඩ හෝ සේවා ලබාදෙන ව්‍යාපාර දැනටමත් තිබෙන්න පුළුවන්. එහෙම නම් පාරිභෝගිකයා ඔබව තෝරාගන්නේ ඇයි? මිල අඩු කිරීම පමණක් හොඳ පිළිතුරක් නොවෙයි. ඒ වෙනුවට ඔබට වෙනස් විය හැක්කේ:
- *හොඳම ගුණාත්මකභාවය* හරහාද?
- *විශිෂ්ට පාරිභෝගික සේවාවක්* හරහාද?
- *නව නිෂ්පාදනයක්* හරහාද?
- *වේගවත් සේවාවක්* හරහාද?
- *විශ්වාසය සහ වගකීම* හරහාද?
ඔබේ ව්‍යාපාරයේ විශේෂත්වය කුමක්ද කියලා පැහැදිලිව හඳුනාගන්න.
_අවසානයේ වැදගත්ම ප්රශ්නය - ඔබේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය විකුණුම් ප්‍රමාණය ලබාගන්නේ කොහොමද? හොඳ නිෂ්පාදනයක් තිබුණාට පමණක් ව්‍යාපාරයක් සාර්ථක වෙන්නේ නැහැ. *ගනුදෙනුකරුවන් ඔබ වෙත ගෙන එන්නත්, ඔවුන් නැවත නැවත ඔබ වෙත පැමිණෙන්නත් ක්‍රමයක් තිබිය යුතුයි.* ඒ සඳහා ඔබේ Marketing Plan එක, Sales Plan එක සහ Customer Service Strategy එකත් Business Plan එක තුළ පැහැදිලිව තිබිය යුතුයි.
_ මතක තබාගන්න
*Business Plan එක කියන්නේ බැංකුවට පෙන්වන්න හදන ලේඛනයක් විතරක් නෙවෙයි.*
එය ඔබේ ව්‍යාපාරයට *මාර්ග සිතියමක්*. ඔබට කොතැනට යන්න ඕනෑද, එතැනට යන්නේ කොහොමද, ඒ ගමනට කොපමණ මුදලක් අවශ්‍යද, අතරමඟ ඇති අවදානම් මොනවාද කියලා කලින්ම සිතා බලන්න එය උපකාරී වෙනවා. ඒ නිසා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර,
අදහසක් → සැලැස්මක් → ක්‍රියාමාර්ගයක් → ප්‍රතිඵලයක්
බවට පත් කරගන්න.
මොකද,
*“සැලැස්මක් නැති ඉලක්කයක්, බොහෝ විට සිහිනයක් විතරයි.”*
ඊළඟ කොටසින් හමුවෙමු.
