Swetha Sande (ශ්වේත සඳේ) - Yasas Medagedara | Neera Movie | Shanudrie, Zenith, Kasuni, Piyumali
Lyrics:
ශ්වේත සඳේ රෑට නුබේ පාළු මකාලා
සේද වළාවෝ ගැවසීලා
තාම නැතේ ආල කතා ඇයට කියාලා
ඈ විමසාවී නෙතු මානා
නීල ජලේ ඕලු මලේ ශ්‍රී පරදාලා
ඒවි ඇදී ඈ සැරසීලා
තාම ඇගේ ස්නේහ ගඟේ නෑ කිමිදීලා
ප්‍රේම සිනා නෑ ඇය දීලා
රෑට පීදෙනා සේපාලිකා පවා
කීව පෙම් කතා ඇසුනා
මේ හිතේ සරා - නොදැනී මගේ වෙලා
ඒ ලතාව මා වශී කළා
ආල ගීත ගායනා, ඇසේවී රෑ පුරා
රාග තාල ඈත පා වුණා
නේක රෑ දිවා හීනයේ පවා
ප්‍රේම රූ රටා ඇඳුණා
පාරමී පුරා - පෙම් කාරණා කියා
ඒ වතේ ශ්‍රියාව පීරුවා
ප්‍රේම දෑස යා වුණා, නුරාව වෑහුනා
බෑ නොකීව ඈ සිනාසුණා